හරි ඔන්න තවත් එක article එකක් ඉක්මනටම ඔයාල වෙනුවෙන් මන් අරන් ආවා මේකෙන් ඔයාලට කියල දෙන්න යන්නේ seo කරන්නේ කොහොමද එකේ ප්රධාන කොටස් මොනවද කියල,
හරි SEO වල ප්රධාන කොටස් 2කයි මේ තියෙන්නේ ඒ කොටස් 2ක
1.onpage optimization (වෙබ් අඩවිය තුල සිදු කලයුතු ප්රශස්තිකරණය)
2.offpage optimization (වෙබ් අඩවියෙන් පිටත සිදු කලයුතු ප්රශස්තිකරණය)
හරි එහෙනම් පලවෙනියටම onpage optimization කියන්නේ මොකක්ද එක නිවැරදිව කරන්නේ කොහොමද කියල දැනගමු
හරි ඔන්න එහෙනම් onpage optimization ගැන කියල දෙන්නයි යන්නේ මන් කලින් කිව්වා වගේම onpage optimization කියන්නේ අපි site එක ඇතුලේ කරගන්න ඕනේ වෙනස්කම් වලටනේ,හරි මන් එහෙනම් පොඩි උදාහරනෙකට ගන්නම් ලංකාවේ තියෙන web design company එකක සයිට් එකක්, ඒ වගේ සයිට් එකක තියෙනවා මේන්න මේ වගේ pages
1.Home
2.Web Design
3.Web hosting
4.Register Domain
5. Portfolio
6.Contact
7.SEO
හරි එතකොට අපි දැන් බලමු Google මොනාද onpage optimization වලදී අපිට කරන්න කියල කියන්නේ කියල
- Always start with keyword selection, research and testing
- Meta Description tag
- ALT tags
- H1 tags
- URL structure
- Internal linking strategy
- Content
- Keyword density
- Site maps, both XML and user facing
- Usability and accessibility
- Track target keywords
මෙන්න ඔය කියල තියෙන විදියට නිවැරදිව page එකක් optimize කරගන්න විදිය
content ලියන එකෙන්ම පටන්ගමු
ඉස්සෙල්ලම page එකකට content ලියන්න කලින් අපි බලන්න ඕනේ අපි මොනාද ඒ page එකට use කරන්න ඕනේ keywords කියල අහ් ඊටකලින් මන් කියන්නම් කොහොමද අපි keywords එකක් තෝරාගන්නේ කියල.මන් උදාහරනෙකට ගන්න හදන්නේ සයිට් එකේ Web Design page එක ඒ නිසා web design sri lanka ,web design company sri lanka , වගේ keyword හොදයි කියල මන් හිතනවා Web Design page එකට (අපි ලියන්නේ Web hosting page එක ගැනනම් web hosting sri lanka, web hosting packeges sri lanka වගේ ගන්න ඕනේ ), දැන් අපි තෝරගත්ත keyword අපි දාමු Google ad-words එකට, ඒකට දාල අපිට බලන්න පුළුවන් මේ keyword එක මාසෙකට කොච්ච්ච්ර Google එකේ search වෙනවද කියල මේ keyword use කරනවා අඩුයි වගේනම් ඒ tool එක suggest කරන වෙන keyword අපිට බය නැතුව use කරන්න පුළුවන්
සාමාන්යෙන් එක page එකකට keyword 2කක් හෝ 3නක් use කරන එක ප්රමාණවත් .හරි දැන් keyword තොරගත්තනේ දැන් තියෙන්නේ අපිට ඒ page එකට content ලියන්නයි content ලියද්දි අපි තෝරගත්ත keyword වලට අදාලව ලියන්න ඕනේ ඒ වගේම contents වල වගේම , title එකෙත්, permalink එකෙත් අපි තෝරගත්ත keywords එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ
![]() |
| පින්තුරේ ගත්තේ මෙතනින් http://www.seomoz.org |
එතකොට content එකෙත් තැන් කිහිපයක chocolate donuts, donuts කියන keywords තියෙනවා
හරි දැන් බලමු මේ page එකේ url එක ඔය යටින්ම දාල තියෙන්නේ එකෙත් තියෙනවා නේද එයා use කරන keyword එක,
දැක්කනේ හරි ලේසි වැඩක්
එතකොට ඔයාල දන්නවද මේ ALT tags එක කියන්නේ මොකක්ද කියලා , බයවෙන්න දෙයක් නෑ ඒකත් හරි පොඩි දෙයක් අපි අපේ page එකට image එකක් දානවා කියමුකෝ ඔන්න Google අපේ page එක කියවගෙන යනකොට එයා බලනවා මේ image එක ඒ උනාට Google කියන්නේ image එක දිහා බලල එක මොකක්ද කියල තේරුම් ගන්න පුළුවන් මනුස්සයෙක් නෙමෙයි ඒ හින්ද අපිට Google තේරුම් කරන්න වෙනවා මේ දාන image එක මොකක් සම්බන්දවද කියල මේක බලන්නකෝ මේ තියෙන්නේ ඒ tag එක
<img src="chocolate donuts.gif" alt="මේක කජු දාපු චොකලට් ඩෝනට් එකක් ">
හරි ඔන්න page එකේ වැඩ බාගයක් ඉවරයි ඒ උනාට තව තියෙනවා කරන්න වැඩනම් හි..... ඒ මොනාද කියල ඉක්මනටම ඔයාලට බලාගන්න පුළුවන් වෙයි අපිත් එක්කම රැදිලා ඉන්න අදට මම සමුගන්නවා සුබ දවසක් වේවා !

