Thursday, March 14, 2013

Onpage Optimization කියන්නේ මොකක්ද


හරි ඔන්න තවත් එක article එකක් ඉක්මනටම ඔයාල වෙනුවෙන් මන් අරන් ආවා මේකෙන් ඔයාලට කියල දෙන්න යන්නේ seo කරන්නේ කොහොමද එකේ ප්‍රධාන කොටස් මොනවද කියල,

හරි SEO වල ප්‍රධාන කොටස් 2කයි මේ තියෙන්නේ ඒ කොටස් 2ක

1.onpage optimization (වෙබ් අඩවිය තුල සිදු කලයුතු ප්‍රශස්තිකරණය)
2.offpage optimization (වෙබ් අඩවියෙන් පිටත සිදු කලයුතු ප්‍රශස්තිකරණය)

හරි එහෙනම් පලවෙනියටම onpage optimization කියන්නේ මොකක්ද එක නිවැරදිව කරන්නේ කොහොමද කියල දැනගමු

හරි ඔන්න එහෙනම් onpage optimization ගැන කියල දෙන්නයි යන්නේ  මන් කලින් කිව්වා වගේම onpage optimization කියන්නේ අපි site එක ඇතුලේ කරගන්න ඕනේ වෙනස්කම් වලටනේ,හරි මන් එහෙනම් පොඩි උදාහරනෙකට ගන්නම්   ලංකාවේ තියෙන web design company එකක සයිට් එකක්, ඒ වගේ සයිට් එකක තියෙනවා මේන්න මේ වගේ pages

1.Home
2.Web Design
3.Web hosting
4.Register Domain
5. Portfolio
6.Contact
7.SEO

හරි එතකොට අපි දැන් බලමු Google මොනාද  onpage optimization වලදී අපිට කරන්න කියල කියන්නේ කියල


  • Always start with keyword selection, research and testing
  • Meta Description tag
  • ALT tags
  • H1 tags
  • URL structure
  • Internal linking strategy
  • Content
  • Keyword density
  • Site maps, both XML and user facing
  • Usability and accessibility
  • Track target keywords

මෙන්න ඔය කියල තියෙන විදියට නිවැරදිව  page එකක් optimize කරගන්න විදිය 


content  ලියන එකෙන්ම පටන්ගමු 


ඉස්සෙල්ලම page එකකට content ලියන්න කලින් අපි බලන්න ඕනේ අපි මොනාද ඒ page එකට use කරන්න ඕනේ keywords කියල අහ් ඊටකලින් මන් කියන්නම් කොහොමද අපි keywords එකක් තෝරාගන්නේ කියල.මන් උදාහරනෙකට ගන්න හදන්නේ සයිට් එකේ  Web Design  page එක ඒ නිසා web design sri lanka ,web design company sri lanka , වගේ keyword හොදයි කියල මන් හිතනවා Web Design  page එකට (අපි ලියන්නේ Web hosting page එක ගැනනම් web hosting sri lanka, web hosting  packeges sri lanka වගේ ගන්න ඕනේ ),  දැන් අපි තෝරගත්ත keyword අපි දාමු Google ad-words එකට, ඒකට  දාල අපිට බලන්න පුළුවන් මේ keyword එක මාසෙකට කොච්ච්ච්ර Google එකේ search වෙනවද කියල මේ keyword use කරනවා අඩුයි වගේනම් ඒ tool එක suggest කරන වෙන keyword අපිට බය නැතුව use කරන්න පුළුවන්
සාමාන්යෙන් එක page එකකට keyword 2කක් හෝ 3නක් use කරන එක ප්‍රමාණවත් .හරි දැන් keyword තොරගත්තනේ දැන් තියෙන්නේ අපිට ඒ page එකට content ලියන්නයි content ලියද්දි අපි තෝරගත්ත keyword වලට අදාලව ලියන්න ඕනේ ඒ වගේම  contents වල වගේම , title එකෙත්, permalink එකෙත්  අපි තෝරගත්ත keywords එකක්  අනිවාර්යෙන් තියෙන්න ඕනේ

පින්තුරේ ගත්තේ මෙතනින් http://www.seomoz.org
බලන්න උඩ තියෙන පින්තුරේ එයා එයාගේ page එකට තෝරගෙන තියෙන key word එක තමයි chocolate donuts කියන්නේ බලන්න page එකේ title එකෙත් ඒ keyword එක තියෙනවා (H1 tags)

එතකොට content එකෙත් තැන් කිහිපයක chocolate donuts, donuts කියන keywords තියෙනවා

හරි දැන් බලමු මේ page එකේ url එක ඔය යටින්ම දාල තියෙන්නේ එකෙත් තියෙනවා නේද එයා use කරන keyword එක,

දැක්කනේ හරි ලේසි වැඩක්

එතකොට ඔයාල දන්නවද මේ ALT tags එක කියන්නේ මොකක්ද කියලා , බයවෙන්න දෙයක් නෑ ඒකත් හරි  පොඩි දෙයක් අපි අපේ page එකට image එකක් දානවා කියමුකෝ ඔන්න Google අපේ page එක කියවගෙන යනකොට එයා බලනවා මේ image එක ඒ උනාට Google කියන්නේ  image එක දිහා බලල එක මොකක්ද කියල තේරුම් ගන්න පුළුවන් මනුස්සයෙක් නෙමෙයි ඒ හින්ද අපිට Google තේරුම් කරන්න වෙනවා මේ දාන image  එක මොකක් සම්බන්දවද කියල මේක බලන්නකෝ මේ තියෙන්නේ ඒ tag  එක

<img src="chocolate donuts.gif" alt="මේක කජු දාපු  චොකලට් ඩෝනට් එකක්  ">



හරි ඔන්න page එකේ වැඩ බාගයක් ඉවරයි ඒ  උනාට තව තියෙනවා කරන්න වැඩනම් හි..... ඒ මොනාද කියල ඉක්මනටම ඔයාලට බලාගන්න පුළුවන් වෙයි අපිත් එක්කම රැදිලා ඉන්න අදට මම සමුගන්නවා සුබ දවසක් වේවා !




SEO (Search Engine Optimization ) සිංහලෙන් ඉගෙන ගමුද?

පින්තුරේ ගත්තේ මෙතනින් http://www.tagseoblog.com
හොඳයි මගේ බ්ලොග් එකෙ මුළින්ම මම දන්න දෙයක් ඔයාලට කියල දෙන්නයි උත්සහ කරන්නේ ඒ තමයි SEO (Search Engine Optimization )

 අහ්  එහෙනම් පටන්ගමු  ඔය පුළුවන් පුළුවන් තැන් වලින් වාඩි වෙන්නකෝ :D

මෙහෙමයි මේ බ්ලොග් එකට එන අයගෙන්  seo ගැන  දන්නා අය වගේම නොදන්න කට්ටියත් ඇතිනේ නේද ඒ නිසා මන් දන්න විදියට seo ගැන මුල ඉදලම  කියල දෙන්නම්

මුලින්ම seo කියන්නේ මොකක්ද කියල මන් හදුන්වල දෙන්නම් search engine optimization සිංහලෙන් කියනවනම් (සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරණය) එකනම් අමාරුයි වගේ නේද? :( හරි මේකෙන් වෙන්නේ මෙන්න මේකයි අපි හිතමු ඔයාලට ඕනේ ලංකාවේ තියෙන web design company මොනාද කියල Google එකේ search කරල  දැනගන්න ඔන්න අපි type කලා web design Sri lanka කියල ඔන්න දැන් එනවා ලිස්ට් එකක් ඒ page එකේ result 10ක් තියෙනවනේ අන්න ඔය page එකට අපි කියන්නේ serp එක කියල (search engine result page ) හරිනේ අපි හැමදෙනාම හැමදාම Google, Yahoo , Bing  වගේ search engine වල දාහක් දේවල් search කරනවා එත් නිකමට හිතුවද කොහොමද සයිට් එකක් ඔය page එකේ මුල් result 10 අතරට එන්නේ කියලා :D නෑ නේද ?

එත් ඇත්තටම ඔකේ පලවෙනි  result  10 අතරට ආවා කියලා තියෙන ප්‍රයෝජනේ මොකක්ද කියලා ඔයාලට හිතෙන්නත්  පුළුවන්නේ නේද


ඇත්තටම එකේ තියෙන වැදගත්කම මේකයි අපි උනත් Google වල  මොනාහරි search කරලා පළවෙනිම පිටුවේ තියෙන ඔය  site 10න්  එකකට  යනවා මිසක් දෙවෙනි තුන්වෙනි page වලට යන්නේ කලාතුරකින් නේ ඉතින් අපි මොකක්හරි business එකක්  කරනවානම් business වැඩිකරගන්න හොදම විදියක් තමයි seo කියන්නේ එත් ලංකාවේ මේක ගොඩක් ජනප්‍රිය තමන්ගේ blog එක rank කරගන්න හදන bloggersla අතර තමයි ඒ වගේම web design , tourism company  අතරත් ලොකු තරගයක් තියෙනවා seo වලට,


හරි දැන් ඒකත් එහෙමයි කියමුකෝ එත් කොහොමද අපේ site එක පලවෙනි rank 10 අතරට ගන්නේ එකට මොනාද කරන්න ඕනේ සල්ලි ගෙවන්න ඕනෙද Google ලට email යවන්න ඕනෙද අනේ මාව මුල් rank 10ට දාලා දෙන්න කියල හි....... අයියෝ නෑ කරන්න තියෙන්නේ මෙච්චරයි Google එකෙන් අපිට දීලා තියෙනවා ranking factors ටිකක් එයාලා ඒ ඉල්ලන විදියට අපි අපේ සයිට් එක පවත්වාගෙන ගියානම් අපිටත් නොදැනීම අපිව rank වෙනවා

මෙන්න බලන්නකෝ දීලා තියෙන factors ටිකක්



  • Domain Name
  • Keyword in domain name
  • Age of domain name - old is best
  • Keywords In Title Tag  <title>
  • Keyword Density of Page Content
  • Keyword in Heading Tags <h1><h2><h3>
  • Keyword Emphasis<strong> <b >
  • Keyword Location
  • Keyword Order
  • Image Alt Tags
  • Internal Navigation
  • Internal Links
  • No broken links
  • Outgoing Links
  • Less than 100 outgoing links
  • Loading Speed
  • No heavy use of Flash, JavaScript, etc.
  • Incoming Links
  • PageRank

මේ පොඩ්ඩයි තව ගොඩක් තියෙනවා ඒ ටිකත් දාන්නම් ඉස්සරහට ඔයාලට දෙන්න ඉන්න articles වල



එහෙනම් සමුගන්නම් අදට මේ විස්තර ටික බලාගන්න අද ඉදන් හැමදාම ඔයාලට මන් SEO වගේම  තව දන්න දේවල් ගොඩක් කියල දෙන්න බලාපොරොත්තු වෙනවා ඔක්කොටම බොහොම ස්තුතියි ....